මුගාබේ, සිම්බාබ්වේ ජනපති ධුරයෙන් ඉවත් වෙයි - රට පුරා ප්‍රීති ඝෝෂා

Wednesday, 22 November 2017 - 8:43

%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B6%E0%B7%9A%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B7%8F
වසර 37ක් සිම්බාබ්වේ දේශය පාලනය කළ, එරට නිදහස දිනූ නායකයා වන 93 හැවිරිදි ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට සඳහන් ලිපිය එරට පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අතර ඉන් අනතුරුව එය කථානායකවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

එම තීරණයත් සමඟම රට පුරා ජනතාව  වීථි බැස පී‍්‍රති ඝෝෂා පවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ සිම්බාබ්වේ ජනාධිපති ධුරයට හිටපු උප ජනාධිපති එමර්සන් මන්ගග්වා පත්වනු ඇති බවට විශ්වාසය පළ කෙරෙනවා.

සිම්බාබ්වේ පාලක සානු - පී එෆ් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා රැස්වී නායකත්වයෙන් මුගාබේ නෙරපීමට තීරණයත් ගත් අතර ඉන් අනතුරුව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද තීරණය කෙරුණා.

එම ක්‍රියාමාර්ගත් සමඟයි මුගාබේ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories