ලක්ෂ 21 ක් වටිනා මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු කොළොන්නාවේදී අත්අඩංගුවට

Friday, 24 November 2017 - 11:18

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+21+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළොන්නාව ප්‍රදේශයේදී යාබා නැමති මත්පෙති 1475 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් ඊයේ සිදුකළ වැටලීමකදීයි.

මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 21 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු කලක සිට මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරතවූ අයෙක් බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහු 35 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories