සිම්බාබ්වේ නව ජනපති අද දිවුරුම් දෙයි

Friday, 24 November 2017 - 14:14

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රොබට් මුගාබේගේ 37 වසරක පාලනය අවසන්වීමෙන් පසු සිම්බාබ්වේ උප ජනාධිපති එමර්සන් මන්ගග්වා එරට නව ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දෙනවා.

සිය බිරිඳට ජනාධිපති ධුරය පැවරීමේ අරමුණින් රොබට් මුගාබේ තනතුරෙන් පහකළ උප ජනාධිපතිවරයා විදෙස් ගතවී නැවත සිය රට පැමිණියේ ඊයේ දිනයේදියි.

නව ජනාධිපති මන්ගග්වා හරාරේ නුවර ආසන 60000 කින් සමන්විත ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී දිවුරුම් දෙනු ඇති.

හමුදාව මැදිහත්වී බලයෙන් ඉවත් කළ 93 හැවිරිදි හිටපු ජනාධිපති මුගාබේ සහ ඔහුගේ බිරිඳ පිළිබඳ පසුගිය ඉරිදා සිට තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ නමුත් ඔවුන්ද දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙනු ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළා.

ජනාධිපති මුගාබේ මුලදී ඉල්ලා අස්වීම සඳහා ලබාදුන් කාල විරාමය පිළි නොගත් බැවින් දෝෂාභියෝග ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරුණා.

එහෙත් ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් සමඟ සිම්බාබ්වේ පාර්ලිමේන්තුව දෝෂාභියෝග විභාගය නතර කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories