Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 04 December 2017 - 16:27
රාහුල් ගාන්ධි අද කොංග්‍රස් සභාපති වෙයි
311

Views
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස 5 වසරකට ආසන්න කාලයක් කටයුතු කළ, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි අද කොංග්‍රස් සභාපති ධුරයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කොංග්‍රස් පක්ෂ නිළවරණය සඳහා නාම යෝජනා ලබාදීමේ අවසන් දිනය වන අද රාහුල් ගාන්ධි කොංග්‍රස් සභාපති ධුරය සඳහා නාම යෝජනා ලබාදෙනු ලැබුවා.

ඒ සඳහා තවත් කිසිවෙකු ඉදිරිපත් නොවුනහොත් කොංග්‍රස් සභාපතිවරයා ලෙස ඔහුගේ නම ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

රාහුල් ගාන්ධි කොංග්‍රස් සභාපති ධුරය සඳහා නාම යෝජනා ලබාදීමට පෙර හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ හිටපු ජනපති ප්‍රනාබ් මුකර්ජි හමුවී ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

අද දිනය අවසානයේදී රාහුල් ගාන්ධි කොංග්‍රස් සභාපතිවරයා ලෙස නිතරඟයෙන් පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

1998 වසරේ සිට වසර 19ක් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කළේ ඔහුගේ මව වන සෝනියා ගාන්ධි විසින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top