Hirunews Logo
%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B6%9A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 05 December 2017 - 10:51
ශෂී කපූර්ගේ වියෝවෙන් ඉන්දීය ජනපති, අගමැති කම්පා වෙයි
2

Shares
329

Views
බොලිවුඩ් සිනමාවේ දිග් විජය නැංවූ කපූර් පවුලේ සාමාජිකයෙකු මෙන්ම ප්‍රවීන සිනමා නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ ශෂී කපූර් වයස අවුරුදු 79ක්ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වුණා.

ඒ වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ශෂී කපූර් දශක ගණනාවක් තිස්සේ සිනමාවේ දැක්වූ දස්කම් ඉදිරි පරම්පරා කිහිපයක්ම සිහිපත් කරනු ඇති බවයි.

දීවාර්, කබී කබී වැනි ජනප්‍රිය චිත්‍රපටවල රගපෑ ශෂී කපූර් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කර තිබෙනවා.

ඔහු විවාහ වූයේ ද බ්‍රිතාන්‍ය සිනමා නිළියක වූ ජෙනිෆර් කෙන්ඩල් සමඟයි.

සිය පියා වූ ප්‍රිත්විරාජ් කපූර් සහ සොහොයුරු රාජ් කපූර් හැරුණු කොට ඉන්දීය සිනමාවේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමි කර ගත් කපූර් පවුලේ සාමාජිකයා වන්නේ ඔහුයි.

ශෂී කපූර්ගේ අවසන් කටයුතු අද සිදුකෙරෙන බව ඔහුගේ ඥාති පුත්‍ර රන්දීර් කපූර් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top