Hirunews Logo
%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 06 December 2017 - 21:05
ලබන වසරේ ජනපතිවරණයට තරග කරන බව ව්ලැද්මීර් පුටින් කියයි
3

Shares
457

Views
මීළග ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

මෝටර් රථ කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා කියාසිටියේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා තරග කරන බවයි.

2000 වසරේ සිට රුසියාවේ ජනාධිපති ධුරය හොබවන පුටින් ලබන වසරේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හොත් ඔහුට 2024 වසර දක්වා රුසියාව පාලනය කිරීමේ අවස්ථාව හිමිවනවා.

මේ අතර රුසියානු රූපවාහිනී ජනමාධ්‍යවේදිනියක ද ජනාධිපතිවරණයට තරග කරන බවට මේ වන විටත් ප්‍රකාශකර ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

රුසියානු විපක්ෂ නායකයාට මෙම මැතිවරණය තරග කිරීම තහනම් කර ඇත්තේ ඔහුට එල්ලවී ඇති චෝදනා හේතුවෙන්.

මේ අනුව ලබන වසරේ පැවැත්වෙන ජනපතිවරණයෙන් වත්මන් ජනපති ව්ලැද්මීර් පුටින් ජයගනු ඇති බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top