Hirunews Logo
20+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
Thursday, 07 December 2017 - 11:08
20 හැවිරිදි බිරිඳගෙන් හෙළිවූ සැමියාගේ ජාවාරම
13,048

Views
විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හට ප්‍රතිකාර ලබාගැනීමට බව පවසමින් මගී ප්‍රවාහන බස් රථ තුල ව්‍යාජ ලෙස මුදල් එකතු කරන අතර තුර මගීන්ගේ මුදල් පසුම්බි සොරාගන්නා පුද්ගලයෙකුගේ බිරිඳ අම්බලන්තොට සහ කුට්ටිගල පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) දහවල් මාතර සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක ගමන්ගත් කාන්තාවකගේ මුදල් පසුම්බිය නැති වී බවට දැනගත් පසු  ඒ සම්බන්ධයෙන් බස් රථයේ මුදල් එකතුකළ පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව සැකසිතී කුට්ටිගල පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කුට්ටිගල පොලිස් නිලධාරින් සහ මුදල් පසුම්බිය හිමිකාරිනියගේ ඥාතින් එක්ව අදාළ ජාවාරම්කරුගේ විහාරගම, කුට්ටිගල  ප්‍රදේශයේ පිහිටි නිවස  ගොස් ඇති අතර එහිදී සැකකරු  නිවසින් පලාගොස් ඇති අතර සොරාගත් මුදල් පසුබිය සැඟවීමට සුදානම් වූ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෑගල්ල ,යටියන්තොට ප්‍රද්ශයේ පිළිකාවකින් පිඩාවිදින තම පියාට ප්‍රතිකාර කිරීමට මෙන්ම ආබාධිත දරුවෙකුට ප්‍රතිකාර ලබාගැනීමට බව පවසමින් පොලිස්  අත්අඩංගුවට කාන්තාවගේ සැමියා සහ ඔහුගේ සොහොයුරෙකු කාලයක් තිස්සේ මෙම ජාවරාම සිදුකරගෙන ගොස් ඇති බවයි සැකකාර කාන්තාව හෙළිකර ඇත්තේ.

මේ අතර අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී නිවස තුල මෙට්ටයක් යට සඟවා තිබු විවිද ප්‍රදේශයන්ට අයත් රෝගී දරුවන්ගේ සහ පුද්ගලයින්ගේ ඡායාරූප සහ වෛද්‍ය වාර්තා ඇතුලත් ලිපි ලේකන සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එම ලිපි අතර පොලිස් ස්ථානාධිපතිවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු නිකුත් කරන ලද ලිපි කීපයක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයින් කලක සිට බස් රථ තුල මෙම ජාවාරම සිදුකරන බවට පොලිසිය සොයා ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට කුට්ටිගල සහ අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top