Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 07 December 2017 - 13:08
දුම්රිය, පීල්ලේ යවන්න තවත් උත්සාහයක් (ඡායාරූප)
20

Shares
2,512

Views
දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් රැසක් දුෂ්කරතාවට පත්ව සිටිනවා.

බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කළා.

මේ නිසා දෛනික ගමන් වාර 150 ක් පමණ අවලංගු කිරීමට සිදුවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාලක මැදිරිය සඳහන් කළේ.

ඉන් බහුතරයක් දුර ගමන් සේවා බවද පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දහවල් ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම ඇතුලූ නිලධාරීන් එක්වන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වන බවයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ.

මේ අතර වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද විශේෂ බස් රථ යොදවා ඇති බව එහි සභාපති රමාල් සිරිවර්ධන ප්‍රකාශ කළා.



(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top