Hirunews Logo
%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 13:40
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්
52

Shares
6,357

Views
නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ 2017.12.12 දින සිට 2017.12.21 දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය පෙ.ව. 8.30ට ආරම්භ වන අතර පෙ.ව. 8.00 ට පෙර සියලු ම අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍රයේ සඳහන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන යා යුතු යි.

විභාගයට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ තමා ඉල්ලුම් කරන විෂයයන්, මාධ්‍යය සහ අත්සන සහතික කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳ ව හොඳින් පරීක්ෂා කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

යම් වෙනසක් ඇත්නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

එමෙන් ම විභාගයේ දී අයදුම්කරුවන් විසින් Smart අත් ඔරලෝසු ,ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එවැනි වංචා සිදු කරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලු ම විභාග සඳහා පෙනී සිටීමේ දී වසර 5 කට තහනමක් පනවනු ලබන අතර මෙවර විභාගයේ ප්‍රතිඵල ද අවලංගු කිරීමට කටයුතු කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

විභාගය පවත්වන අවස්ථාවේ දී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට සියලු උපදෙස් ශාලාධිපතිවරුන් වෙත සපයා ඇති බවත් නිවේදනයේ සඳහන්.

එසේම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන තුළට අවසර නොලත් කිසිදු පුද්ගලයෙක් ඇතුළු නොවිය යුතු අතර, එම පාසල් තුළ ඉදිකිරීම් කටයුතු, පන්ති පැවැත්වීම් ක්‍රීඩා උත්සවවල රැස්වීම් පැවැත්වීම තහනම් වන බැවින්, ඒ අනුව කටයුතු කිරීමට විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති පාසල්වල විදුහල්පතිවරුන් විසින් වග බලාගත යුතු බවයි විභාග කොමසාරිස් බී. සනත් පූජිත කියා සිටින්නේ.

විභාග ශාලාව තුළ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් කිසියම් අයකු විසින් සිදු කරන්නේ නම් ඒ බව විභාග අපේක්ෂකයින්ට සහ දෙමාපියන්ට ද විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකි යි.

මෙම විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි කිරීම සඳහා පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කටයුතු කරන ලෙසද නිවේදනයේ සඳහන්.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය - 1911

පාසල් විභාග සංවිධාන ශාඛාව                    - 0112784208 / 0112784537 / 0113188350 / 0113140314

පොලිස් මූලස්ථානය                               - 0112421111
 
පොලිස් හදිසි ඇමතුම් අංකය                      - 119

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top