Hirunews Logo
%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 14:48
සාමාන්‍ය පෙළ විෂයයන්හි වෙනසක් කිරීමේ සූදානමක්
15

Shares
1,867

Views
දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන්, ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ අවධානය යොමුව තිබෙනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් අද(07)  පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එම ප්‍රධාන විෂයන්වලට අමතර සියලු සෙසු විෂයන් ප්‍රයෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකරීමට අපේකෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්, සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේ දී, එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිස් ප්‍රශ්න කළ ද, අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් පැහැදිලි කළා.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන සියලු සිසුන් සහ මව්පියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පත්‍රිකාවක් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  අතින් මෙහි දි  සංකේතාමකව පිරිනැමුණා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්  සහ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මේ උත්සවයට එක්ව සිටියා.

මීට සමගාමීව අද දිවයින පුරා පාසල් වල ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් වැඩසටහන් සංවිධාන වී තිබුණා.

 සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් පාසල් සිසුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් දක්වා ද රෝහල් ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද  පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් සහ සිය මවගේ හෝ පියාගේ මරණය සිදු වූ විට රුපියල් 75,000 ක ද ප්‍රතිලාභ හිමිවනවා.

එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මේ හරහා පිරිනැමෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
133 Views
3,770 Views
7,310 Views
7,211 Views
159 Views
48,379 Views
Top