Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%2C+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 07 December 2017 - 17:55
විදුලි සැර, තරුණ ජීවිතයක් රැගෙන යයි (ඡායාරූප)
57

Shares
6,867

Views
විදුලිසැර වැදීමෙන් අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි එක් දරු පියෙක්.

ඔහු වඩු කාර්මිකයෙකු වන අතර සිය නිවස පිටුපස තම සේවා ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

අද උදෑසන නිවසේ  කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වඩු කාර්මික යන්ත්‍රයේ මෙම තරුණයා සේවය කරමින් සිට ඇතැයි සඳහන්.

එම යන්ත්‍රයට විදුලිය ලබාගෙන තිබු වයරයේ ඇතිවු දෝෂයකින් යන්ත්‍රයට විදුලිය කාන්දු වී ඔහුට විදුලිසැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මියගිය තරුණයාගේ සොයුරිය තම දරුවා සමග පාසලට ගොස් නිවසට පැමිණි අවස්ථාවේ දැක ඇත්තේ සොහොයුරා වඩු කාර්මික යන්ත්‍රය මත වැටී සිටින ආකාරයයි.

ඔහුට විදුලිසැර වැදී ඇති බව නොදැන සොයුරා ඇල්ලීමට යාමේ දී ඇයට ද විදුලිසැර වැදී තිබෙනවා.

පසුව ඇයගේ කෑ ගැසීමට එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විදුලිය විසන්ධි කර තරුණයා අම්බලන්තොට රෝහලට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

කෙසේවෙතත් එම අවස්ථාව වන විටත් ඔහු මරණයට පත්ව සිටි බවටයි හෙළිවී ඇත්තේ.


ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top