Hirunews Logo
%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80%3B+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
Thursday, 07 December 2017 - 18:53
වර්ජනය අඛණ්ඩව; තැපැල් දුම්රියත් නෑ
1,160

Views
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තමන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසනවා.

නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය සහායකයින් බදවා ගැනීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස වර්ජනයේ නිරත වන්නේ.

අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පළ කළා.

තාවකාලිකව හෝ වර්ජනය නවතා මහජනතාව අපහසුතාවයට පත් නොකර ලෙසත්, සාකච්ඡා සඳහා අමාත්‍යාංශය තවදුරටත් විවෘතව ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නා.

දුම්රිය එන්ජින් රියදුරු සහායකයින්ගේ සංගමය ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වූ එම සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා කියා සිටියේ දුම්රිය සහායකයින් බඳවා ගෙන ඇත්තේ නියමිත පටිපාටියට බවයි.   

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුලූ තවත් ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් අද (07) මධ්‍යම රාත්‍රියේ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික රුවන්පතිරණ කියා සිටියේ තම වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබුණද, ඊට අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (07) උදෑසන සිටම මගීන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි. ගමන්වාර 200 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබූ අතර, දුම්රිය මගීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ තමන්ගේ රාජකාරී කටයුතුවලට මෙම වර්ජනයෙන් දැඩි බාධාවක් එල්ල වූ බවයි.

මේ අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සහිත මගීන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, අද රාත්‍රියේ ගමන් කිරීමට නියමිත සියලූම තැපැල් දුම්රියන්ද ධාවනය නොවන බවයි පාලක මැදිරිය කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
648 Views
1,026 Views
3,552 Views
2,308 Views
37 Views
30,535 Views
Top