Hirunews Logo
%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 07 December 2017 - 20:03
අදත් දේශපාලන පක්ෂ ඡන්දෙට ඇප තියයි
4

Shares
527

Views
පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අදත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇප මුදල් තැන්පත් කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා සඳහා ඇප තැන්පත් කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදීයි.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී නිදහස් සන්ධානය මෙවර මැතිවරණයේදී නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවයි.

එමෙන්ම, නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ලූණුගල, ඇල්ල, මහියංගනය, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සඳහාත් හපුතලේ නගර සභාවටත්, බදුල්ල මහ නගර සභාවටත් අද ඇප තැන්පත් කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ නිදහස් සන්ධානය බදුල්ලේ සියලූ පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ජය ගන්නා බවයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල සහ සියඹලාන්ඩුව යන ප්‍රාදේශීය සභා සඳහාද එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (07) ඇප තැන්පත් කර තිබෙනවා. එමෙන්ම, ඔවුන් අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහාත් අද ඇප මුදල් තැන්පත් කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල, සියඹලාන්ඩුව, බිබිල යන ප්‍රාදේශීය සභා සඳහා අද ඇප තැන්පත් කරනු ලැබුවා.

එමෙන්ම, ඔවුන් දිඹුලාගල ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් තැන්පත් කර තිබුණේ ඊයේ දිනයේදීයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා ද එක්සත් ජාතික පක්ෂය අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගර සභාව, ගග ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභා සදහා එක්සත් ජාතික පක්ෂය අද ඇප තැන්පත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේගේ ප්‍රධානත්වයෙන්.   

ජනතා විමුක්ති පෙරමුණද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ, දිඹුලාගල, ලංකාපුර සහ මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සඳහා ඊයේ (06) ඇප තැන්පත් කළා.  

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහි කළ දෙමළ විමුක්ති සන්ධානයද එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා යාපනය චාවකච්චේරිය නගර සභාව වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.   

එමෙන්ම, එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ පොලීසිය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ඒ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි.

ඊට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලීසියේ ඉහළ පෙලේ නිලධාරින් සහභාගි වී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top