Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+276+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
Friday, 08 December 2017 - 7:42
දුම්රිය අදත් වර්ජනයේ - 276 ක් අවලංගුයි
4,442

Views
දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමන්වාර 276 ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කෙසේ වෙතත්, අද (08) උදෑසන පිට පළාත්වල සිට පැමිණෙන කාර්යාල දුම්රියන් 10 ක් කොළඹට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි එම පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කරන බව එම සංගම් ප්‍රකාශ කළා.

නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ සමඟ ඊයේ සාකච්ඡාවක් පැවැත් වූවද, එය අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමටයි දුම්රිය එන්ජින් රියදුරු සංගමය තීරණය කළේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනතුරු වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු තවත් ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ වර්ජනයක් ආරම්භ කළා.

මේ අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සහිත මගීන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top