Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
Friday, 08 December 2017 - 8:14
පාසල් නිවාඩුව අද සිට
39

Shares
4,790

Views
2017 වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා.

ලබන වසර සඳහා වන නව පාසල් වාරය ජනවාරි මස 02 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ නමුත් සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ආරම්භ වන දිනය පසුව දැනුම් දෙනු ඇති.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන අඟහරුවාදායින් ආරම්භ වී ලබන 21 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පෙරවරු 8.30 ට විභාගය ආරම්භ වන අතර, විභාග අපේක්ෂකයින් පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විභාග ප්‍රවේශපත්‍රය සහ ජාතික හැඳුනුම්පත්‍රය රැගෙන අපේක්ෂකයින් විභාගයට පැමිණිය යුතු අතර ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ විභාග ශාලාව තුළට ගෙන ඒම තහනම් වනවා.

එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයේ විමසීම් සහ පැමිණිලි 1911 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව 06 කට සීමා කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ පැවති සුරක්ෂා දින ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top