දුම්රිය පීල්ලට ගන්න තීරණාත්මක කතා බහක්

Saturday, 09 December 2017 - 12:49

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%84%E0%B6%9A%E0%B7%8A
දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා දෙකක් මේ වන විට පැවැත්වෙනවා.

ඉන් එක් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය බලධාරීන් සමඟයි.

එමෙන්ම වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද තවත් සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 06 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමනාගමනය ඇණ හිට ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අත්සන් කරනු ලැබුවා.

ඒ, දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම්වරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් අනතුරුවයි.

මේ අතර, ජනාධිපතිවරයා අත්සන් කළ ගැසට් නිවේදනය අද දහවල් තමන් වෙත ලැබුණු බවත්, පස්වරුව වන විට එය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ වෘත්තීය සමිති මර්දනයට ගනු ලබන ක්‍රියාමාර්ගවලට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද තම සංගමය සූදානම් බවයි.

දුම්රිය සහායකයින් බදවා ගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් 06 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනයට දුම්රිය නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිතිවරුන් 07 වන දා මධ්‍යම රාත්‍රියේ සිට එක්වුණා.

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories