අයවැය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි

Saturday, 09 December 2017 - 17:43

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
අයවැය 3 වන වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 56 ක්.

ඒ අනුව, අයවැය සම්මත වුණේ 3 න් 2 ක බහුතරයකින්. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කළා.

ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය භාවිත කරනු ලැබුවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය නොවැම්බර් මස 9 වන දායි.

අයවැය දෙවන වර කියවීම පසුගිය 16 වන දා සිදුකෙරුණු අතර, එදින ද පාර්ලිමේන්තුවේදී එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 151 ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 58 ක් පමණයි.

මේ අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා.

අනතුරුව පිළිතුරු කතාව සිදුකළේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරයි.

එහිදී අමාත්‍යවරයා අයවැයේ සංශෝධන කිහිපයක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව තට්ටු නිවාස සදහා වැට් බදු අය කිරීම සදහා සිදුකළ යෝජනාව සංශෝධනය කරමින් රුපියල් මිලියන 10 ට අඩු තට්ටු නිවාස ඒකක සදහා වැට් බදු අය කිරීමක් සිදුනොකරන බව අයවැය පිළිතුරු කතාව සිදුකරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියා සිටියා.

අයවැය සම්මත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ රටේ ආර්ථිකය හෝ ජන ජීවිතය ඉදිරියට ගෙන යාමට කිසිසේත් උත්සුක නොවන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවයි.  

රටේ පැවති දේශගුණික ගැටළු හේතුවෙන් ජනතාවගේ ජීවන බර වැඩිවුවද ඊට හේතුව අයවැය ගැටළුවක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ රාජ්‍ය දේපළ විකුණා දැමීම සඳහා මෙවර අයවැය මගින් මවාපෑමක් සිදුකර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පෙන්වා දුන්නේ 2025 දී පොහොසත් රටක් වෙනුවෙන් මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවයි.

හදවතට එකඟව කටයුතු කළ නොහැකි වහළුන් පිරිසක් විසින් මෙවර අයවැයට ඡන්දය ලබාදී සම්මත කරගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories