ට්‍රම්ප්ගේ තීරණය අරාබි ලීගය හෙළා දකී

Sunday, 10 December 2017 - 13:39

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය අරාබි ලීගය විසින් අද හෙළා දකිනු ලැබුවා.

ඊජිප්තුවේ කයිරෝ නුවරට රැස්වූ අරාබි ලීගයේ රටවල විදේශ අමාත්‍යවරුන් මෙම ප්‍රකාශය නිකුත් කළ අතර, ඊට ඇමරිකාවේ මැදපෙරදිග හිතවතුන් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ජෝර්දානයද සිටිනවා.

අරාබි ලීගයේ විදේශ අමාත්‍යවරුන් සඳහන් කළේ ජනපති ට්‍රම්ප්ගේ පියවරෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය මැදපෙරදිග සාමයේ මැදිහත්කරුවෙකු ලෙස තවදුරටත් සැළකිය නොහැකි බවයි.

මේ අතර ට්‍රම්ප්ගේ ජෙරුසලම් ප්‍රකාශයට එරෙහිව පලස්තීන ගාසා තීරය සහ බටහිර ඉවුරේ තවදුරටත් විරෝධතා සහ ගැටුම් පැවති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories