බුලත් කොළයට අත්සන් ගනී; තැන් පහක අත වෙනම

Sunday, 10 December 2017 - 19:19

%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93%3B+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් කිරීම ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (10) සිදුකෙරුණා.

නාමයෝජනා අත්සන් තැබීමෙන් අනතුරුව නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ පොළොන්නරුව, අනුරාධපුරය, ගම්පහ මෙන්ම උතුර සහ නැගෙනහිරට නිදහස් පක්ෂය යටතේ තරඟ කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන 93ක ඡන්දයට අදාළව නාම යෝජනා කැදවීම හෙටින් ආරම්භ වනවා.

එය ලබන 14 වනදා දහවල් 12න් අවසන් වන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

එමෙන්ම තවත් පළාත් පාලන ආයතන 248ක නාම යෝජනා භාර ගැනීම ලබන 18 වන දා ආරම්භ වී 21 වන දා මධ්‍යහ්න 12න් අවසන්වීමට නියමිතයි.

ඒ අනුව පළාත් පාලන ආයතන 341ටම අදාළව ඇප තැන්පත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති අතර, පක්ෂ 18ක්  සහ ස්වාධීන කණ්ඩායම් 15 ක් දිස්ත්‍රික්ක 21ක් සඳහා දැනටමත් ඇප තැන්පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories