අපරාධ කල්ලිය දමාගිය පාර්සලය

Monday, 11 December 2017 - 6:53

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA
වවුනියාව ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදුකිරීමට කඩු රැගෙන පැමිණි කල්ලියක් පොලිසිය දැක කඩු දෙකක් දමා ඊයේ(10) රාත්‍රියේ පළාගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ ඊයේ(10) රාත්‍රි 9.00 ට පමණ වවුනියාව බසාර් වීදිය ප්‍රදේශයේ රාජකාරි කළ රථ වාහන පොලිස් නිළධාරීන් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවතීමට සංඥා කොට ඇති අවස්ථාවක අදාළ යතුරුපැදිකරුවන් පොලිස් නිළධාරීන්ට බිය වී වෙනත් දෙසකට හරවා පළාගොස් ඇති අතර, යතුරුපැදිය හැරවීෙමිදී යතුරුපැදිකරුවන් සතුව තිබි පාර්සලයක් වැටී ඇති බවයි.

යතුරුපැදියෙන් වැටුණ පාර්සලයේ තිබී දිග කඩු දෙකක් තිබි ඇති බවද පොලිසිය පැවසු අතර, කිසියම් අපරාධයක් සදහා පැමිණි පිරිසක් පළාගොස් ඇති බවද පොලිසිය සදහන් කළා.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය හදුනාගැනීමට හැකිවි ඇති අතර, පොලිසිය පැවසුවේ අදාළ යතුරුපැදිය සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි.

පොලිසිය යතුරුපැදිය නැවතීමට සංඥා කිරීමත් සමග පැමිණ යතුරුපැදිකරුවන් බියවි පළා යන්නට ඇති බව පොලිසිය සැක පළ කළා.
 
පසුගිය සමයේ යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වු කඩු කල්ලියක සාමාජිකයෙකුද වවුනියාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.
 
පොලිසිය පැවසුවේ රථ වාහන පොලිස් නිළධාරීන් ප්‍රදේශයේ මාර්ගයන් අසළ රැදී සිටිමින් රාජකාරි කටයුතු කළ බැවින් යතුරුපැදිය හඹා යාමට නොහැකි වි ඇති බවයි.

පොලිස් නිළධාරීන්ගේ අවධානය හේතුවෙන් අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හදුනාගැනීමට හැකිවි ඇති බවද පොලිිය සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



වවුනියාව - මාධව කුලසූරිය



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories