සාකච්ඡා අසාර්ථකයි - දුම්රිය වර්ජනය පස්වන දිනටත්

Monday, 11 December 2017 - 7:50

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර ඊයේ පැවති සාකච්ජා අසාර්ථකවීම හේතුවෙන් අද 5 වන දිනටත් වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.  

ජනාධීපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ  කොළඹ පිහිටි නිවසේ ඊයේ පස්වරුවේ ආරම්භවූ සාකච්ඡාව පැය 4 කට ආසන්න කාලයක් පැවතියත් එය අවසන් වූයේ විසඳුමකින් තොරවයි.  

කෙසේ වෙතත් අද පෙරවරුවේ දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ මහ සභාව රැස්වීමට නියමිත බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයින් ගැන සිතා දුම්රිය ධාවනය කරන්නේද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.

ඊයේ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා.  

මේ අතර අද උදෑසන වනවිට පිට පළාත්වල සිට දුම්රිය වාර 11 ක් කොළඹ - කොටුව වෙත ළඟාවීමට නියමිත බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

එමෙන්ම කොළඹ - කොටුවේ සිට එක් දුම්රියක් පමණක් උතුර දුම්රිය මාර්ගයේ ධාවනය කළ බවයි පාලක මැදිරියේ ප්‍රකාශයෙකු කියා සිටියේ.

වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේද දුම්රිය ගමන් වාර 250 ක් පමණ අවලංගු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories