රාජිත හා බිමල් එක ම ලිපියකට අත්සන් තබයි

Monday, 11 December 2017 - 11:48

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දැක තිබෙනවා.

එම සංගමයේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  සහ ලේකම් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටිනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙළෙස සඳහන් වනවා.

"ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රාලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම තරයේ හෙළා දකියි. තෙල් අවිව් (Tel Aviv) වල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පේරුසෙලමට රැගෙනයාමට තීරණය කිරීම ද හෙළා දකියි. පේරුසෙලම පලස්තීන දේශ සීමාවට අයත් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනා මෙම තීරණය තුලින් සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කරයි. "

"සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් මෙම තීරණය හෙළා දකින බව ද අප සංගමය දන්නෙමු. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පවතින ස්ථාවරය බිද දමමින් ඒකපාර්ශ්වීය සහ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයකි. මෙම තීරණය තුලින් සමස්ත මැද පෙරදිග කළාපයට ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි. පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙසත්, පේරුසෙලම එහි අගනගරය ලෙස කළින් සිටි ස්ථාවරත්වයේ තවමත් සංගමය සිටින අතර, රටවල් 140 කට අධික සංඛ්‍යාවක මතය ද මෙය වෙයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ලොව පුරා ජනතාවගේ මතය ද එයයි. ශ්‍රී ලංකාවේ සිටින සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ජනතාව පලස්තීන ජනතාව වෙනුවෙන් හඩ නගන්න. හඬ අවදි කරන්න."





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories