විශ්‍රාමික දුම්රිය සේවකයන් කැඳවයි

Monday, 11 December 2017 - 12:18

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දින 05 ක් තිස්සේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින දුම්රිය වෘත්තිය සමිති මේ වනවිට කොළඹදී විශේෂ සාකච්ඡාවක නිරතවනවා.

ඒ, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

මේ අතර වර්ජනය හේතුවෙන් බිඳවැටී ඇති දුම්රිය ගමනාගමන කටයුතු පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික දුම්රිය රියරදුන්ට, දුම්රිය පාලකවරුන්ට, නියාමකවරුන්ට, ස්ථානාධිපතිවරුන්ට නැවත සේවයට පැමිණිය හැකි බවට දන්වා විශේෂ නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබියදීත් අද දින සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලිපි නිකුත් කරනු ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ කියා සිටියේ.

පසුගිය 06 වනදා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දුම්රිය වෘත්තිය සමිති විසින් ආරම්භ කළ අතර, වෘත්තිය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර ඊයේ පැවති සාකච්ඡාවද අසාර්ථක වුණා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් පැවතියද අද උදෑසන 10 වනවිට දුම්රිය ගමන් වාර විස්සක් පමණ ධාවනය කිරීමට හැකිවූ බවයි.  

මේ අතර තැපැල් දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ලිපි බෙදීමේ කටයුතුවලටද බාධා මතුව ඇති බවට වාර්තාවනවා.

කෙසේ වෙතත් තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියේ ඇතිවන අපහසුතාව මගහරවා ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ යොදාගනිමින් ලිපි සහ පාර්සල් බෙදාහැරීම සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories