දළ පුට්ටුවාගේ දළ සහ ගජමුතු කොළඹ ගෙන්න අවසර නෑ

Tuesday, 12 December 2017 - 7:32

%E0%B6%AF%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%A2%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%91
දැනට අධිකරණ භාරයේ පවතින ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු විමර්ශනය සඳහා කොළඹට රැගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම මහව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට අදාළ නඩුව ඊයේ මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි හමුවේ කැදවූ අතර, එහිදී ජාතික සත්ත්ව උද්‍යානයේ අධ්‍යක්ෂවරයා මෝසමක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

තාක්ෂණික උපකරණ අධිකරණයට රැගෙන ඒමට අපහසු බැවින් ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ අධිකරණය තුළ සිදුකිරීමට නොහැකි බවටයි අධ්‍යක්ෂවරයා මෝසමෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම ඇත් දළ සහ ගජමුතු කොළඹට රැගෙන ගොස් තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා ඒවා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතු බවට අධ්‍යක්ෂවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මීට පෙර අධිකරණය සත්ත්ව උද්‍යාන අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නේ ඇත් දළ සහ ගජමුතු කොළඹට ගෙන නොගොස් මහව අධිකරණය තුළ දීම පරීක්ෂණ සිදුකළ යුතු බවටයි.

ඒ අනුව කරුණු සලකා බැලූ මහව අතිරේක මහේස්ත්‍රවරයා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධියට අදාළ සියලු විමර්ශන කටයුතු අද සිට තමන් යටතට පවරන්නැයි රහස් පොලීසිය කළ ඉල්ලීමට අධිකරණයේ එකඟතාව පළව ඇති බව සඳහන්.

මීට අමතරව දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ග්‍රාම නිළධාරීන්වරුන් තුන්දෙනා ඇතුළු සෙසු සැකකරුවන් 9 දෙනා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අලි ඇතුන් ඝාතනය පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බැවින් ඒ පිළිබඳ තමන් ජාත්‍යන්තර පොලීසිය ද දැනුවත් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories