දුම්රිය පීල්ලේ යවන්න 5 දෙනෙක් එයි

Tuesday, 12 December 2017 - 12:05

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
දුම්රිය වර්ජනය ගැන සොයා බැලීම සඳහා ඇමතිවරු පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

මේ අතර දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් අද උදෑසන කාලයේදී පිට පළාත්වල සිට කාර්යාල දුම්රිය ගමන් වාර 16ක් පමණ කොළඹට පැමිණි බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට අමතරව යාපනය දක්වා ගමන් කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ද කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කළ බවයි.

එමෙන්ම හැකි උපරිම අයුරින් සවස් කාලයේදීත් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories