කැබිනට් අනුමැතිය ලැබුණු අවම සුදුසුකම

Wednesday, 13 December 2017 - 7:50

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8
වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරීම සඳහා පත් කළ කමිටු නිර්දේශවලට අනුව උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ලබාතිබීම අවම අධ්‍යාපන සුදුසුකම ලෙස සැලකීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.

මේ අනුව මෙම සුදුසුකම ඇති සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ වෛද්‍ය පීඨයකට හෝ රජය මැදිහත්ව සකස් කරන  වෛද්‍ය පීඨයක් තුළ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.

කෙසේ වෙතත්, වෛද්‍ය පීඨවලට බදවා ගන්නා අවම සුදුසුකම, සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් යන්න දේශපාලනඥයින්ට තීරණය කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන එම සංගමයේ විධායක කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories