නාමල්ගේ නඩුව ලබන වසරට

Thursday, 14 December 2017 - 11:10

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7
අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 16 වනදා ආරම්භ කිරීමට අද නියම කෙරුණා.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවේ පළමු, දෙවන සහ තුන්වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සිතාසි නිකුත් කෙරුණා.

මෙම නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදි පළමුවන විත්තිකරු වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය සඳහා දින නියම කරන ලෙසයි.

ඒ අනුව සාක්ෂි විභාගය සඳහා අද දිනයේ දින නියම කරන බවටයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෛනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාල චෝදනා පත්‍රය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයන් ගොනු කළ මූලික විරෝධතාව පිලිබඳ තීන්දුව ලබන වසරේ ජනවාරි මස 18 වනදා ලබාදීමට අධිකරණය අද නියෝග කළා.

ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

 2010 - 2014 කාලය තුල සතොස සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරියෙන් බැහැරව දේශපාලන කටයුතුවල යෙදවීම තුලින් රුපියල් කෝටි 04ක පාඩුවක් සිදු කළ බවට මොවුන්ට විරුද්ධව චෝදනා එල්ල වනවා.

හිටපු අමාත්‍යවරයාට අමතරව සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙහිදීන් සාකීර්ටද එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අල්ලස් කොමිසම මොවුන් එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය පසුව සංශෝධනය කළ අතර එම සංශෝධනයට එරෙහිව විත්තියේ නීතිඥයන් මූලික විරෝධතාවයක් ගොනු කර තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories