දියණියත්, පියාත් එකම තැන එකට විභාගය ලියයි

Thursday, 14 December 2017 - 12:52

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අම්පාර මහඔය ප්‍රදේශයේ පියෙකු සහ දියණියක එකම විභාග මධ්‍යස්ථානයක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ජේ.එම්.එස්. සෝමසිරි නම් මොහු මීට අවුරුදු 10 කට පෙර සිට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර, මෙවර කෘෂිකර්ම විෂයටද පෙනී සිටින බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

තම දියණියගේ අධ්‍යාපන කටයුතුවලට සහයදීමේ අරමුණින් සහ තම දැනුම වැඩිදියුණු කරගැනීම සඳහා මෙලෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.   

මේ අතර වන අලි තර්ජන පවතින ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන සඳහා වනජීවී ආරක්ෂාව යොදවා ඇති බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා.

මේ සඳහා වනජීවී නිලධාරීන්ට අදාළ පහසුකම් ලබාදී ඇති බවයි ඔහු කියා සිටියේ.

ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයේ බුදුරුවකන්ද, වන්නිඅමුණුකොළේ සහ ඇහැටුවැව ප්‍රදේශවල පිහිටා ඇති සාමාන්‍ය පෙළ මධ්‍යස්ථානවලට පෙරේදා සිට මෙලෙස වනජීවී ආරක්ෂාව ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories