පෙම්වතියට ෆේස්බුක් බියක් ඇති කළ පෙම්වතා

Thursday, 14 December 2017 - 13:03

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F
20 හැවිරිදි තම පෙම්වතිය ලැගුම් හලකට ගෙනගොස් බියර් පොවා මත්කර දුෂණය කළ බව කියන පෙම්වතෙකු නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණය කරන අතරතුර එය වීඩියෝ කර, ඉන්පසු  දර්ශන ෆේස් බුක් වෙත මුදා හරින බවට තර්ජනය කර අවශ්‍ය අවශ්‍ය අවස්ථාවල ඇයව විවිධ ස්ථානවලට ගෙන්වාගෙන දිගට ම අඹුකමේ තබාගත් බවටයි 28 හැවිරිදි මෙම පෙම්වතාට චෝදනා එල්ල වී ඇත්තේ.

දූෂණය කරනවිට ගත් වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බවට පෙම්වතිය බිය ගන්වා ඇති ඔහු ඇයව ස්ථාන කිහිපයකට ම රැගෙන ගොස් අවස්ථා රැසකදී අඹු සැමියන් සේ හැසිරී තිබෙනවා.

අවසානයේ ඔහු රාත්‍රී කාලයේ තම නිවසට එන ලෙසද ඇයට තර්ජනය කර ඇතිබව සඳහන්.

එසේ නොපැමිණෙන්නේ නම් ලැගුම් හලේ දී ගත් සියලු වීඩියෝ දර්ශන ෆේස් බුක් හි දමන බවට පවසා ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

මේ නිසා බිය වී ඇති 20 හැවිරිදි තරුණිය පසුගිය දිනක රාත්‍රියේ ඔහුගේ නිවසට ගොස් ඇත්තේ අඹු සැමියන් සේ හැසිරිමටයි.

එදින රාත්‍රිය ඇය ඔහු සමග, ඔහු කියන අයුරින් හැසිරී තිබෙනවා.

ඇය රාත්‍රියේ නිවසේ නොසිටි බව දැනගත් දෙමාපියන් ඒ ගැන සොයා බැලීමේ දී දියණිය, එදින රාත්‍රී පෙම්වතාගේ නිවසේ, ඔහු සමග ගතකර ඇති බව අනාවරණ වී තිබෙනවා.

අනතුරුව දෙමාපියන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සියල්ල හෙළිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

තමන්ට බියර් පානය කරන්නට දී දුෂණය කළ අන්දමත්, ඒවා වීඩියෝ කර ඇති බවත්, ඒවා ෆේස් බුක් දමන බවට කළ තර්ජනය නිසා බියපත් වූ අන්දමත් හෙළි කර ඇති තරුණිය, එම නිසා ඔහු කියන අයුරින් ඔහු කියන ස්ථානවල අඹු සැමියන් සේ හැසිරුණ බව පවසා තිබෙනවා.

පසුව නාවලපිටිය පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories