update: ප්‍රදේශ කිහිපයක පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

Thursday, 14 December 2017 - 15:07

update%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල සහ මහියංගණය ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.

Thursday, 14 December 2017 - 16.07
-------------------------------------------------------------------------------------

පානදුර නගර සභාව සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.

පානදුර නගර සභාව සහ අගලවත්ත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල ඇතැම්  අත්සන් නිසි පරිදි නොතිබීම ඒවා ප්‍රතික්ෂේප වීමට හේතුවී තිබෙනවා.

Thursday, 14 December 2017 - 15.48
-------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කර තිබූ නාමයෝජනාවේ ස්ත්‍රී - පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම නිසා එය ප්‍රතික්ෂේප වී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

Thursday, 14 December 2017 - 15.22
-------------------------------------------------------------------------------------

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අදාල දිස්ත්‍රික්කය සදහා පක්ෂයෙන් නම් කර ඇති බලයලත් නිලධාරියා විසින් අදාළ නාමයෝජනාව භාර නොදීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඊට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම පෙරමුණේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories