මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා පොලිතින් භාවිත කිරීම තහනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී.
පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට පළාත් පාලන අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එහිදී පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Follow US
Most Viewed Stories