ව්‍යාජ වෛද්‍යවරුන් අල්ලන්න පොලිස් සහය

Friday, 15 December 2017 - 14:47

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු වාර්තා කර ඇති නිසා  එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  තීරණය කර තිබෙනවා.

දැනට දිවයින පුරා පුද්ගලික වෛද්‍ය සේවා කටයුතුවල වෛද්‍ය නිලධාරීන් 15,000 ක් සේවය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

එහෙත් ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පළමුව කළයුතු වන්නේ වෛද්‍යවරුන්, පුද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි විම බව අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම පෞද්ගලික සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීම තුළින් ආරක්ෂිත, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබෙන බවද අමාත්‍යංශය පවසනවා.

පෞද්ගලික අංශයෙන් ද එවැනි සේවාවන් ලබාදීම සදහා ව්‍යාජ වෙද්‍යවරුන් පිළිබද තොරතුරු පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවට ලබාදෙන ලෙසයි  අමාත්‍යවරයා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories