ඉදිරි දිනවල සක්‍රිය වන මෝසම

Friday, 15 December 2017 - 15:18

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8
ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා.

එමෙන්ම උතුර, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ තද සුළං තත්ත්වයක් ද මේ හේතුවෙන් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories