පැපරාසි ඇසට හසුවූ සුපිරි ක්‍රීඩකයාගේ අනියම් සබඳතාව (ඡායාරූප)

Friday, 15 December 2017 - 15:34

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේතන් ලයන්ගේ අනියම් සබඳතාවක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන නේතන් ලයන පසුගිය වසරක පමණ කාලයක සිට සුරූපී නිරූපිකාවක් සමග සබඳතාවක් පවත්වාගෙන යන බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා මෝටර් රථයක සිට එකිනෙකා සිප ගන්නා ආකාරය පැපරාසි කැමරා ඇසට හසුවී තිබෙනවා.

30 හැවිරිදි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයා ඉතා රහසිගතව වසරක පමණ කාලයක් මෙම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සම්බන්ධතාව හේතුවෙන් නේතන් ලයන්ගේ බිරිඳ ඉතා දැඩි කනස්සල්ලකින් පසුවන බව ඔහුගේ මිතුරන් ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම මෙම ඡායාරූප දැකීමෙන් පසු ඇය ඉතා කළකිරීමකට පත්ව ඇතැයි ද සඳහන්.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන නේතන් ලයන් මේ දිනවල පැවැත්වෙන අලු බඳුන තරගාවලියට ද ක්‍රීඩා කරනවා.

මේ අතර නේතන් ලයන්ගේ බිරිඳ  වන මෙලීසා වොරින්ග් මෙම සිද්ධිය පිළිබඳ ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය ද දැනුවත් කර ඇතැයි සඳහන්.

ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත්තේ දරුවන් දෙදෙනා ද රැක බලා ගනිමින් සිටින තමාට මෙවැනි සිදුවීමක් ඇසීමට සිදුවීම ඉතා අවාසනාවක් බවයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ නේතන් ලයන් සමග මේ වන විට සම්බන්ධතාවක් පවත්වන කාන්තාව මීට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මිචෙල් මාර්ෂ් සමග ද ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories