අම්මා සමඟ ගිය දැරියට අත්වූ ඉරණම

Saturday, 16 December 2017 - 11:01

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
අනුරාධපුර - මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 09ක දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

ඇය සිය මව සමඟ මැදවච්චියේ සිට වව්නියාව දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ දැරිය මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී ඇය මිය ගොස් ඇති අතර, අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories