ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ තැත වරදී

Saturday, 16 December 2017 - 12:27

%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු ලෙස නම් කරන්නැයි පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙම පෙත්සම යොමු වූයේ ඊට සමාන චෝදනා මත හිටපු අගමැති නවාස් ශරිෆ් පාර්ලිමේන්තුවෙන් පහකොට මාස කිහිපයක් ඇතුළතයි.

ඉම්රාන් ඛාන් වංක පුද්ගලයෙකු හෝ වගකීම් පැහැර හැර ඇති අයෙකු ලෙස  හැදින්විය නොහැකි බවයි පාකිස්තාන අගවිනිසුරුවරයා අධිකරණයේදී ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් එම චෝදනා මත ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂයේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories