අවුරුදු 6 ක් පුරුද්දට වෙදකම් කරලා

Saturday, 16 December 2017 - 18:47

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
වසර 16 ක් පුරා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ නීතිවිරෝධී ලෙස ගබ්සා සිදුකළ පුද්ගලයෙකු ගම්පොල නොවිසදුනු අපරාධ ඒකකය  විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොල කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදු කළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු සතුව තිබී වෛද්‍ය උපකරණ සහ බෙහෙත් වර්ග 48ක පෙති ලක්ෂයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොල - ගලහ පාලම අසල ඔහුගේ නිවසේ දි මෙම වෛද්‍ය ප්‍රතිකාරක මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර ගබ්සාවක් සිදු කිරිම සදහා 15000 සිට 30000 දක්වා කළලයේ සති ගණන අනුව මුදල් අය කර ඇති බවයි පරික්ෂණ වලින් හෙළි වි ඇත්තේ.

61 හැවිරිදි මෙම පුද්ගලයා ගලහ ප්‍රදේශයෙම පදිංචි කරුවෙකු වන අතර ඖෂධවේදියෙකු ලෙස කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවල සේවය කර තිබෙනවා.

තම පියා වෛද්‍යවරයෙකු වන බවත්, රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා කුඩා කාලයේ සිට පියාට සහය වී ඇති වූ පළපුරුද්ද අනුව රෝගින්ට ප්‍රතිකාර කල බවත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ද විමසීමක් කළා.

‘‘ සියලුම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන වෛද්‍යවරු සහ වෛද්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි පෞද්ගලික වෛද්‍ය නියාමන පනත. එසේ නොමැති සියලුදෙනා නීතිවිරෝධී ලෙස පෙනී සිටින උදවිය බවට පත්වෙනවා. ඒවගේම පොලිසිය මගින් වෛද්‍ය ආඥා පනත යටතේ විවිධ අවස්ථාවලදී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින උදවිය පොලිසියේ රැහැනට හසුකර ගැනීම සිද්ධවෙනවා. ඊළඟ ආකාරය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයක් ඇතිව තමයි අපිට ඖෂධ ලබාගන්න පුළුවන්. එතකොට එසේ නොවන අවස්ථාවකදී ඖෂධ තියනවා නම් ඒ ඖෂධ අල්ලා ගැනීම සීල් තැබීම සහ නීති ක්‍රියාමාර්ගවලට යාම. මේ ආකාරයේ ප්‍රතිපාදන කිහිපයක් තිබෙනවා. නමුත් අපි දන්නවා මේ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින වෛද්‍යවරුන් නොවන උදවිය දිවයිනේ විශේෂයෙන්ම පර්යන්තයේ වැඩි වශයෙනුත් අනෙකුත් ස්ථානවල අඩු වශයෙන් සිටිනවා’’

මේ අතර, ව්‍යාජ වෛද්‍යවරුන් සෙවීමට පොලීසියේ සහය ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළා.

මේ වන විටත් දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000ක් පමණ සිටින බවට වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කර තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories