ඇමරිකාව පියාඹන පීරිසි ගැන රහසේ සෙවූ බව හෙළිවේ

Sunday, 17 December 2017 - 9:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B9%E0%B6%B1+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පෘථිවි අවකාශයට පිවිසෙන යූ.එෆ්. ඕ. හෙවත් හඳුනා නොගත් පියාඹන වස්තූන් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා පෙන්ටගනය රහසිගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව දැන් හෙළිවනවා.

2007 වසරේදී ආරම්භ වී 2012 වසරේ වියදම් කපාහැරීම සඳහා අවසන් කළ මෙම වැඩසටහන සඳහා ඩොලර් මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් වැයවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ, ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභිකයෙකු වූ හැරී රීඩ්ගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබාමා පරිපාලනයේ බොහෝ දෙනා නොදැන සිටි බව සඳහන්.  

නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිදරව් කළ පරිදි එමඟින් අධිවේගී ගුවන් යානා මෙන්ම භ‍්‍රමණය වන නාඳුනන වස්තූන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබෙනවා.

කෙසේ නමුත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ විශ්වයේ වෙනත් ග්‍රහලෝකවලද ජීවීන් සිටිය හැකි බව තහවුරු කිරීම සඳහා අද්භූත පර්යේෂණ අවශ්‍ය නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories