මැමත් සැකිල්ල යුරෝ පන් ලක්ෂ පනස් දහසයි

Sunday, 17 December 2017 - 11:02

%E0%B6%B8%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA%E0%B7%92
මීට වසර දස දහසකට පමණ පෙර හිම යුගයේ ජීවත්වූ ලෝම සහිත දැවැන්ත මැමත් හස්තියෙකුගේ සැකිල්ලක් ප්‍රංශයේදී ඊයේ යුරෝ පන්ලක්ෂ පනස් දහසකට අලෙවි වුණා.

ඉදිරියට දරණ ගැසුණු දළ යුගළ ඇතුලූ අස්ථි රැසක් ඊට ඇතුළත් වූ බව සඳහන්.

එය මිලදී ගෙන ඇත්තේ මැමත් සිය සමාගමේ ලාංඡුනය සඳහා යොදාගත් ප්‍රංශ ව්‍යාපාරිකයෙකු විසින්. එය සිය සමාගමේ ප්‍රදර්ශනය සඳහා තැබීමට අදහස් කරන බව ඔහු සඳහන් කළා.

මෙම මැමත් හස්තියාගේ අස්ථිවලින් සියයට 80 ක් පමණ අලෙවි කළ සැකිල්ලට ඇතුළත් වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories