ජෙරුසෙලම ගැන අරාබියෙන් එන යෝජනාව

Sunday, 17 December 2017 - 14:59

%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
ඊශ්‍රායලයට මෙන්ම පලස්තීනුවන්ට ජෙරුසලම පුරවරය සඳහා පවතින අයිතියේ වෙනසක් සිදු නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට අරාබි රටවල් සැරසෙනවා.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පිළිගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයේ නීතිමය පදනමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම කරුණු පදනම් කරගනිමින් සකස් කළ යෝජනාවක් ඊජිප්තුව ඊයේ ජගත් ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් වෙත ලබාදී තිබෙනවා.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ නමුත් එම යෝජනාවට එරෙහිව නිෂේධ බලය භාවිත කිරීමේ හැකියාව ඇමරිකාව සතුවනවා.

එසේ වුවහොත් අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඊට අදාළ යෝජනාවක් සම්මත කරගැනීමටයි මුස්ලිම් රටවල් අපේක්ෂා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories