තැපෑලටත් සංවෘත වෙන්න ඕනෙලු

Monday, 18 December 2017 - 8:29

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%95%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%94
දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන දෙපාර්තමේන්තු සංවෘත සේවා බවට පත්කිරීමට සිදුකර ඇති යෝජනාවට තැපැල් දෙපාර්තමේන්තුවද ඇතුළත් කළ යුතු යැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

6 - 2006 වැටුප් චක්‍රලේඛය තුළින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ට ඇතිවී තිබෙන බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ගැටළු නිසා 21,000කට අධික සේවකයින්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි එහි සම කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

 මේ අතර, සිය ඉල්ලීම්වලට අද දිනයේදී විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළා.

08 වන දිනටත් එම සංගමයේ නියෝජිතයින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත වන්නේ පාලන අධිකාරියට පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකිරීම, සේවකයින්ගේ වෛද්‍ය සහ ප්‍රසාද දීමනා කප්පාදු කිරිම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පලකරමින්.

කෙසේ වෙතත්, අද දිනයේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ ලංකා විදුලි සේවක සංගමය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories