කාර්ය බහුල ම ගුවන් තොටුපළේ විසන්ධි වූ විදුලිය

Monday, 18 December 2017 - 10:15

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%BD+%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA
ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැළකෙන ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා හි පිහිටි හාට්ස් ෆීල්ඞ් ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හදිසි විදුලිය විසන්ධිවීමක් සිදුව තිබෙනවා.

දිනකට ගුවන්යානා ගමන්වාර 2500 ක් සිදු කෙරෙන මෙම ගුවන් තොටුපලේ මෙම සිද්ධියත් සමඟ ගමන් වාර 1000 කට වඩා අවලංගු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම විදුලිය විසන්ධිවීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇති අතර, ඔවුන්ගෙන් පිරිසක් මගී පර්යන්තයේ සහ ගුවන්යානා වල සිරව සිටින බවද සඳහන්.

ගුවන් තොටුපලට විදුලිය සැපයෙන ප්‍රධාන බලාගාරයේ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධිවීම සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පැය 11 කට අධික කාලයක් ගතවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories