Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
Friday, 12 January 2018 - 14:40
පාසල් සිසුවෙක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වැඩ වරදී
21

Shares
2,600

Views
පාසල් උපකරණ ලබා දෙන බව පවසා දස හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුණුවැව, කොකාවැව ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී එම ප්‍රදේශයේම පදිංචි දස හැවිරිදි පාසල් සිසුවෙකුට පාසල් උපකරණ ලබා දෙන බව පවසමින් රවටා සිය නිවසට කැඳවාගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) දිනයේදී පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top