Hirunews Logo
%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
Friday, 12 January 2018 - 15:53
ෆේස් බුක් වෙනස් වෙයි ?
6,955

Views
මෙම වසරේදී ෆේස් බුක්හි තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා.

ලෝකයේම ජනතාව වඩාත් සමීප කරවීමේ අරමුණ සහිතව නිර්මාණය කළ ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය මේ වන විට විවිධ කරුණු වෙනුවෙන් යොදා ගනිමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ මෑතකදී සිදු කළ සමීක්ෂණවලින් එය හෙළිවී ඇති බවයි.

විවිධ සන්නාම ආයතන, විවිධ ව්‍යාපාර මෙන්ම මාධ්‍ය එහි ප්‍රමුඛස්ථානයක පසුවන බව අදාළ සමීක්ෂණ මගින් පෙන්වාදී ඇතැයි සඳහන්.

එම කරුණුවලට අවස්ථාව ලබාදෙන අතරම ෆේස් බුක් පරිශීලකයන්ට විනෝදාස්වාදය ලබාදීම උදෙසා වෙනස්කම් සිදු කරන බවයි මාර්ක් සකර්බර්ග් ප්‍රකාශකර ඇත්තේ.

තම සමාගම නිවැරදි ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය ෆේස්බුක් පරිශීලකයන්ට මෙන්ම තම සමාගමට ද දීර්ඝ කාලීනව වාසිදායක වනු ඇතැයි ද ඔහු පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම සිය සටහන මගින් ෆේස් බුක් නිර්මාතෘවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම වෙබ් අඩවිය නිරන්තරයෙන්ම පෞද්ගලික සම්බන්ධතා වඩාත් තහවුරු කිරීම වෙනුවෙන් පවතින එකක් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
14 Views
3,431 Views
4,321 Views
3,503 Views
165 Views
34,453 Views
Top