Hirunews Logo
%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Friday, 12 January 2018 - 16:57
කල්ලාරු ඇතාගේ දළ ගැන ඩී.එන්.ඒ. වාර්තාවක්
2

Shares
300

Views
ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන කල්ලාරු හස්තියාගේ ඇත් දළ කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද පොලීසියට නියෝග කළා.

එහි වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. එසේම මෙම ඇත් දළ ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය 5 වන දා සිලාවතුර - මොල්ලිකුලම් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ බව කියන කල්ලාරු හස්තියාගේ හිස සහ සිරුරු කොටස් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top