Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 12 January 2018 - 17:01
උතුරු කොරියාව සැඟවු රහසක් හෙළිවෙයි
15

Shares
1,811

Views
උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික අත්හදා බැලීම් සඳහා රහසිගත උමගක් ඉදි කරන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වොෂින්ටනයේ ක්‍රියාත්මක බුද්ධි අංශයක් විසින් මෙම තොරතුරු හෙළිකරගෙන ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

පසුගිය සමයේ උතුරු කොරියාව විසින් න්‍යෂ්ඨික අත්හදා බැලීම් කිහිපයක් සිදු කළ කලාපයක මෙම උමග පවතින බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණ වී තිබෙනවා.

මෙමගින් පැහැදිළි වන්නේ උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික අත්හදා බැලීම් තවදුරටත් සිදු කිරීමේ අපේක්ෂාවකින් පසුවන බව විචාරකයන් පෙන්වා දෙනවා.

උතුරු සහ දකුණු කොරියා බලධාරීන් වසර 2 කට පමණ පසු සාකච්ඡා කිරීමට සුදානම් වන අවස්ථාවක මෙවැනි පුවතක් හෙළිවීම ද විශේෂත්වයක්.

එමෙන්ම ශිත ඍතු ඔලිම්පික් තරගාවලියට නියෝජිතයෙකු යොමු කිරීමට ද උතුරු කොරියාව පසුගියදා එකගතාව පළකර තිබුනා.

න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදු කරන බවට සහ න්‍යෂ්ඨික අවි නිපදවන බවට උතුරු කොරියාවට දීර්ඝ කාලීනව චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

එමෙන්ම ඔවුන් පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ අමරිකාවට ළගා විය හැකි අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ද තමන් සතු වන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,644 Views
9,980 Views
8,876 Views
9,031 Views
1,387 Views
56,169 Views
Top