Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Friday, 12 January 2018 - 17:35
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් අගවිනිසුරුට චෝදනාවක්
1,222

Views
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 4 දෙනෙකු එරට අගවිනිසුරුවරයාට ප්‍රසිද්ධියේ චෝදනා කරනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් ප්‍රකාශකර ඇත්තේ අගවිනිසුරු දීපාක් මිස්රා තම අභිමතය පරිදි නඩු කටයුතු විනිසුරු මණ්ඩලවලට යොමු කරන බවයි.

එය අධිකරණ නීති රීති උල්ලංඝණය කිරීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අධිකරණ රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොවන බව ද ජ්‍යෙෂ්ඨ විනිසුරු මඩුල්ල අවධාරණය කරනවා.

එමෙන්ම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නඩුවක් සම්බන්ධව හැර අධිකරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඇතැම් තීන්දු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ද විනිසුරුවරුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.

මෙම චෝදනා පිළිබඳ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ද දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු නීති කටයුතු පිළිබඳ අමාත්‍ය රවි ශන්කර් ප්‍රසාද් සමග හදිසි සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top