Hirunews Logo
%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
Friday, 12 January 2018 - 19:01
පෙම්වතිය දුෂණය කළ පෙම්වතාට ලැබුනු දඬුවම
22,475

Views
හම්බන්තොට - තිස්සමහාරාම - ගෝනගමුව ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියක් අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් තුන්දෙනා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම කරුණු අනාවරණ වුණේ දැරිය ගෙළ වැළලාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරමින් සිටියදී සොහොයුරා මුදාගෙන හම්බන්තොට මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, එහි අත්අඩංගුවට ගත් තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ අලුයම අල්ලා ගත්තා.

එහිදී ඔවුන් තුන්දෙනාට ප්‍රදේශවාසීන් පහර දුන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයින් තුන්දෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා.

දැරියගේ ඥාතීන් ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පොලීසිය සිදුකළ යුතු බවයි.

මේ අතර, ගාල්ල - කළුවැල්ල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකු අපයෝජනය කර එහි පටිගත කළ දර්ශන අන්තර්ජාල සේවා වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වූ තරුණයන් දෙදෙනෙකු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය දිනක ගාල්ල - චීන කොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන උපකාරක පන්තියක කටයුත්තක් සඳහා මුදල් එකතු කරමින් සිටි ඔවුන් දෙදෙනාට, මුදල් ප්‍රදානයක් සිදුකරන බව පවසමින් සැකකරුවන් මෙම අපයෝජනය සිදුකර ඇත්තේ එක් සැකකරුවෙකුගේ නිවසකදියි.

අනතුරුව එහි දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති අතර ඒවා නැරඹූ පුද්ගලයෙකු පාසල් සිසුවෙකුගේ ඥාතීන් දැනුම්වත් කර තිබෙනවා.

ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි ගාල්ල - රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපයෝජනයට ලක්වූ බව කියන පාසල් සිසුන් දෙදෙනා 15 හැවිරිදි සහ 17 හැවිරිදි වියේ පසුවන අතර සැකකරුවන්ගේ වයස අවුරුදු 25ක් සහ 26ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top