Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
Friday, 12 January 2018 - 21:04
මුහුදු ප්‍රදේශවලට තද වැසි සහ සුළං
8

Shares
1,072

Views
පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ හෙට දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බවයි.

රාත්‍රී කාලයේදීත් බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තවදුරටත් උදය කාලයේ මීදුම් සහිත කාලගුණයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර ගිරිඋල්ල, බඩල්ගමල කොටදෙණියාව හා වල්පිට ප්‍රදේශ හරහා අද පස්වරුවේ හමාගිය තද සුළඟකින් එම ප්‍රදේශයන්හි නිවාස කිහිපයකට හානි සිදුව ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top