Hirunews Logo
%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
Saturday, 13 January 2018 - 14:44
ගිනිකෙළි නිසා අවහිර වූ ගුවන් ගමන
12

Shares
1,478

Views
තෛපොංගල් උත්සවය ආරම්භය සැමරීම වෙනුවෙන් චෙන්නායි නුවර ආශ්‍රිත ජනතාව සිදු කළ ගිනි කෙළි සංදර්ශණ ආශ්‍රිත චාරිත්‍ර හේතුවෙන් ඇතිවු දුමාරය හමුවේ අද ඉන්දියාවේ ගුවන් ගමන්වලට දැඩි බාධා මතුවුනා.

දුමාරයට හේතුවී ඇත්තේ තෛයිපොංගල් චාරිත්‍රයක් ඉටු කරමින් චෙන්නායි වැසියන් පැරණි ඇදුම් සහ භාණ්ඩ පුළුස්සා දැමීමයි.

මේ හේතුවෙන් උදෑසන 4 සිට  පමණ දක්වා චෙන්නායි ගුවන්තොටුපලේ ගුවන් ගමන් 30 ක් පමණ ප්‍රමාද වු බවයි ඉන්දීය පුවත් සේවා කියාසිටියේ.

එමෙන්ම චෙන්නායි වෙත පැමිණි ගුවන් යානා 18 ක් පමණ වෙනත් ගුවන්තොටුපල වෙත හරවා යවා තිබුනා.

මෙම තත්වය මත චෙන්නායි ගුවන්තොටුපලින් ගුවන්ගත වීමට පැමිණි මගීන් රැසක් දැඩි අසීරුතාවන්ට පත්ව සිටි බව සඳහන්.

කෙසේවෙතත් යළිත් පෙරවරු 9 ට පමණ චෙන්නායි ගුවන්තොටුපලේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
153 Views
3,159 Views
7,182 Views
7,080 Views
75 Views
47,716 Views
Top